දේශීය

දුම්රිය ගමන් වාර 400 ක් ධාවනයට එක්කිරීමට සූදානම්

(UTV | කොළඹ) – හෙට සිය ඇතැම් දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000 ක් හෙට සිට ධාවනයට එක් කිරීමට නියමිත අතර , දුම්රිය ගමන් වාර 400ක් ද ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියාසිටියේ දුම්රියවල ගමන් කරන මගීන්ට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

දුම්රියකට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී

Editor O

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව රිමාන්ඩ්

Editor O

වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් රූපවාහිනී විවාද මගහරිනවා – කංචන විජේසේකර

Editor O

Leave a Comment