දේශීය

වෙලේ සුදාගේ අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු යැයි පැවසෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ නැමැත්තාව වහාම බූස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂා කර බලා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයකින් පෙරළෙන්නේ දැයි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (27) කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

 

සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනී, ඥාති සහෝදරියක් වන වසන්ති වසුන්දරා නැමති අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී වෙලේසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් ෆැක්ස් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

 

එම කරුණු සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

 

වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 24 වනදා කැඳවීමට නියෝග කර සිටියේය.

 

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Related posts

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

Leave a Comment