දේශීය

ගත වු මාස කිහිපයට ලාදුරු රෝගීන් 1,300ක්

මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසයි.

 

ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ රෝගීන් 1,256ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

 

ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 256කි.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් වශයෙන් දිස්ත්‍රික් කිහිපයකින් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ‍.

 

මේ වන විට වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතරින් අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

 

ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 39කි.

 

ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක වලින් ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

Related posts

අද රෑ සඳ රතුවෙයි.

Editor O

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Leave a Comment