දේශීය

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය සිකුරාදා

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

 

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොමිසන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවය.

 

ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණි.

 

එම කටයුතු ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණු අතර මේ වන විට එම අදහස් හා යෝජනා කොමිසම් සභාව විසින් සමාලෝචනය කරමින් සිටින බව උපයෝගීතා කොමිසම පැවසුවේය.

Related posts

එස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

Mohamed Dilsad

අගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයි

Mohamed Dilsad

ත්‍රී රෝද රථ රියදුරන්ට කඩිනමින් PCR කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment