දේශීය

අගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයි

(UTV | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට නව වසරට සුබ පැතුම් පතා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව රටවල් දෙක අතර සබඳතා සමීපව පවත්වාගෙන යාමට කැපවී ක්‍රියාකරන බව දෙරටේ නායකයින් මෙහිදී අවාධරණය කර ඇත.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද දුරකථනයෙන් අමතා නව වසර සඳහා සුබ පැතුම් එක්කර තිබේ.

Related posts

රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවතට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.

Editor O

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

Leave a Comment