Trending Newsඑසැන පුවත්දේශීය

වෙනදා තැපෑලෙන් යවපු වතු නිවාස හිමිකම් පත්‍ර, බෙදන්න ජනාධිපති ලොකු උත්සවයක් තියලා – නාමල් රාජපක්ෂ

වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් තියා ඒ හිමිකම් පත්‍ර භාරදීමට කටයුතු කර ඇතිවා විනා ගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව නිවාස සාදා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (12) වැලිමඩ ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කිව්වෙ ලොකු උත්සව මොකුත් කරන්නෙ නැහැ කියලා. නමුත් අද ජනාධිපතිතුමා බණ්ඩාරවෙල ලොකු උත්සවයක් කරලා ඔප්පු දෙනවා වතු නිවාස සඳහා. ගිය ආණ්ඩුවෙන් කියනවා ඒ කට්ටිය හැදුවෙ කියලා, මේ ආණ්ඩුවෙන් කියනවා මේ කට්ටිය හැදුවෙ කියලා ?

“ඇත්තටම ඔය දෙගොල්ලම ගෙවල් හදලා නෑ. තාම දෙන්නෙ හිමිකම් පත්‍ර විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලෙ ගියෙ. ඉතින් තැපෑලෙන් තමන්ට නිවසක් හිමි බවට තහවුරු කරලා යවපු ලියුම අතිගරු ජනාධිපතිතුමා අද ලොකු උත්සවයක් තියලා ඒ අයට බාරදෙනවා. ඒ කියන්නෙ ගෙයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. සිස්ටම් එක හොඳටම වෙනස් කරලා”

Related posts

S1 உடன் இலங்கை சந்தையில் அறிமுகமாகும் vivo S வரிசை

Mohamed Dilsad

முன்னாள் அமைச்சர்களின் பாதுகாப்பு குறைக்கப்பட்டது

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

Leave a Comment