විදෙස්

දකුණු කොරියානුවන් තරුණ වෙයි

දකුණු කොරියාව අද (28) සිට ක්‍රියාත්මක කර ඇති නව නීතියක් හේතුවෙන් එරට ජනතාව වසරකින් හෝ දෙකකින් තරුණ වෙයි.

 

ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයට අනුගත වීම හේතුවෙනි.

 

කොරියානුවන් බහුල වශයෙන් වයස තීරණය කිරීමට භාවිතාකළ ක්‍රමවේදය වූයේ යමෙක් උපදින විට වයස වසරක් ලෙස සැලකීමත් අනතුරුව එළඹෙන ජනවාරි 01 වනදාට වයසට තවත් වසරක් එක් කිරීමත්ය. ඒ අනුව දෙසැම්බර් 31 වනදා ඉපදුණු ළදරුවෙක් ඊට පසු දින එනම් ජනවාරි 01 වනදා වසර දෙකක් වයස වෙයි.

 

එරට වයස ගණනය කිරීමට පාරම්පරිකව තවත් ක්‍රමවේදයක් භාවිත විය. එහිදී සිදුවූයේ වසරේ කුමන දිනයක ඉපදුනද එළඹෙන වසරේ ජනවාරි 01 වනදා ට වසරක් වයසැති ලෙස සැලකීමය.

 

 

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment