Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට යන දවස අද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (22) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කඳවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව වැඩිදුරටත් සඳහන්ය.

Related posts

அர்ஜுன் அலோசியஸ் மற்றும் கசுன் பலிசேன மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

ரணில் விக்கிரமசிங்க நீக்கப்பட்டமைக்கு மாணவர்கள் எதிர்ப்பு

Mohamed Dilsad

Minister Karunanayake visits on-board USS ‘Lake Erie’

Mohamed Dilsad

Leave a Comment