දේශීය

මාර්තු පළවනදා සිට ලංකාවේ දිනකට ලක්ෂ 6 කට බැගින් කොරෝනා එන්නත

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව එන්නත්කරණයට ලක්කර ඇති සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත.

ඊයේ (05) දිනයේ දී 9983 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබූ අතර ඒ අනුව මේ දක්වා එන්නත ලබා දී ඇති මුලු සංඛ්‍යාව එක්ලක්ෂ පනස් හයදහස් තුන්සිය දහයක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීමෙන් පසුව දිනකට ලක්ෂ 6 ක පිරිසක් බැගින් එන්නත්කිරීම කළ හැකි බව කොරෝනා රෝගය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

එන්නත් ලක්ෂ 90 ක් මේවනවිට ඇණවුම් කර ඇති අතර මාර්තු පළමුවනදා සිට සියලුම ජනතාවට එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.

 

 

Related posts

වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක්…!

Editor O

බම්බලපිටියේ සිද්ධියට තවත් 05ක් අත්අඩංගුවට ගනී

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණයට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment