දේශීය

බම්බලපිටියේ සිද්ධියට තවත් 05ක් අත්අඩංගුවට ගනී

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බම්බලපිටියේ ලොරිස් පාරේ ප්‍රදේශයක මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගොස් තිබුණි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ 24 හැවිරිදි කාන්තාවක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඇයව ඇප මත මුදාහැරුණි.

 

සැකකාරිය අද (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත එලෙස මුදාහැරීමට නියෝග කෙරුණි.

Related posts

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

Mohamed Dilsad

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

Mohamed Dilsad

ඩොලරය තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment