Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණයට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා ඉවත් කිරීම මෙම  පනත් කෙටුම්පතේ අරමුණ වී තිබේ. ලබන සභාවාරයේ දී අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්  මහතා සඳහන් කළේය.

Related posts

මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පිරිසක් අවතැන්

Mohamed Dilsad

NEWS HOUR | 2018.02.08

Mohamed Dilsad

“මෙරට වන ඝණත්වය ඉදිරියේදී සියයට 32 දක්වා වර්ධනය කරනවා”ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment