මේ වන විට දිනපතා රටේ සාමාන්‍ය සිවිල් පුද්ගලයන් ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට රටේ නීතියේ විධානය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ රජ කරන පාතාල කල්ලි බවයි.
රට මෙම තත්ත්වය වැටීම ගැනත් පුරාජේරු කියමින් බලයට ආ ආණ්ඩුව එය තවත් තීව්‍ර වන්නට ඉඩ දී බලා සිටීම ගැනත් කනගාටු වන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කරයි. හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ, නඩු කටයුත්තක් සඳහා ඊයේ (26) අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
