ක්‍රීඩා

නිරෝධායනය නොවූ අෆ්රඩි අද තරඟයට

(UTV | හම්බන්තොට) – අද (27) පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට හිමිව ඇත.

ඔහු පසුගිය 24 වනදා දිවයිනට පැමිණි අතර , දින 7ක අනිවාර්ය නිරෝධායන කාලසීමාව ද ගත කර නොමැත.

කෙසේවෙතත් මෙරටට පැමිණීමෙන් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ඔහු සමත්වීම නිසා අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලැබී තිබෙනවා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරඟ වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරඟය අද පැවැත්වෙන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරඟය රාත්‍රී 8 ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.

 

 

Related posts

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

ඩේල් ස්ටේන්ට ලෝක කුසලානය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment