ක්‍රීඩා

ඩේල් ස්ටේන්ට ලෝක කුසලානය අහිමි වෙයි

(UTV|බ්‍රිතාන්‍යය)  – උරහිසේ ආබාධයෙන් පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ඉවත් කර තිබේ.

ස්ටේන්ගේ ස්ථානය වෙනුවෙන් වමත් වේගපන්දු යවන්නකු වන බියුරන් හෙන්රික්ස් නම් කර ඇති බවයි වාර්තාවේ.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා සඳහන් කර සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගි වන පළමු සහ දෙවැනි තරග දෙක ස්ටේන්ට අහිමි වුවත් තෙවැනි තරගය සඳහා ස්ටේන්ගේ සහභාගිත්වය අනිවාර්යයෙන් සිදු වන බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

එහෙත් ස්ටේන්ට සිදු කරන ලද විශේෂ ප්‍රතිකාරවලින් සුවය ලැබීම තවදුරටත් ප්‍රමාද වන නිසා ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ඔහු ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද ක්‍රීඩා වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රිකාව සමග ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව නම් නොකෙරෙයි..

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් තරඟයට වෙච්ච දේ

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment