ක්‍රීඩා

කොරෝනා මර්දනයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කෝටි 51ක්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඒ සඳහා පිහිටුවා ඇති අරමුදලට මෙම මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් වන සචින් තෙන්ඩුල්කාර් සහ සුරේෂ් රයිනා ද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට මුදල් පරිත්‍යාග කර ඇති  එරට වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

Mohamed Dilsad

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment