ක්‍රීඩා

ආසියානු චෙස් ශූරතාවලිය මුල්වරට online ක්‍රමයට

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මුල්වරට online ක්‍රමය යටතේ සංවිධානය වූ ආසියානු පිරිමි – කාන්තා චෙස් ශූරතාවලි මේ දිනවල පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම මුල් වටයේදී රටවල් 42ක් අතුරින් 8 වැනි ස්ථානයට පත්ව සිටින අතර කාන්තා චෙස් චෙස් කණ්ඩායම මුල්වටයේදී රටවල් 37කින් 13 වැනි ස්ථානයේ පසුවේ.

කොළඹ රාජකීය විදුහලේ මිනුල් දුලුවීරගේ නායකත්වයෙන් සහභාගීවී සිටින ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම හොංකොං හා ලෙබනන් කන්ඩායම් පහසුවෙන් පරාජයට පත්කොට සිටින අතර සිංගප්පූරුව හමුවේ පරාජයට පත් විය.

එන්. එස්. ත්‍රී චෙස් කණ්ඩායමේ සචිනි රණසිංහගේ නායකත්වයෙන් ආසියානු තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා චෙස් පිල ක්වේට් කණ්ඩායම පරාජයට පත්කළ අතර කසකස්තානය හමුවේ පරායට පත් විය.

මෙම තරගාවලිය පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර මේ මස 24 වැනිදා නිමාවට පත්වේ. යළිත් දෙවැනි වටය මේ සිකුරාදා සිට පැවැත්වීමට ආසියානු චෙස් සම්මේලනය කටයුතු යොදා ඇත.

Related posts

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

Mohamed Dilsad

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ලසිත් ඇඹුල්දෙණියට වසර 17 ක් පැරණි වාර්තාවක් මගහැරෙයි

Mohamed Dilsad

Leave a Comment