ක්‍රීඩා

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

(UTV | ඉන්දියාව) – දෙවන එක්දින තරඟයෙන් සංචාරක ඕස්ට්‍රේලියානු පිළ පරදවා ලකුණු 36ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ඊයේ (17) රාජ්කොට් හිදී පැවති තරඟයේදී.

ඉන්දියාව සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 6ක් දැවී ලකුණු 340ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියාවට පන්දු වාර 49යි එක් පන්දුවකදී සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 304ක් පමණයි.

මේ අනුව තරඟ 3කින් යුත් එක්දින තරගාවලිය ජයග්‍රහණ 1 – 1 ලෙස සම වෙයි.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස ජෙරම් පත් කෙරේ

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රීලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment