දේශීය

මහවිරු සැමරුම තහනම් කරමින් අධිකරණ නියෝග

(UTV | ත්‍රිකුණාමලය) – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීතිපතිගේ ඉදිරිපත් කිරීම් පිළිගෙන මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර හෙට (27) සිට දින 14 ක කාලයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 07ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) තහනම් නියෝග නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ත්‍රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩෙයි, උච්චවේලි සහා නිලාවැලි යන පොලිස් බල ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් වේ.

එමෙන්ම යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ වාරණ නියෝග නිකුත් කළේ යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමිනි.

Related posts

උපන්දින සාදයකට තැබූ ගින්නකින් තරුණියක් මියයයි

Mohamed Dilsad

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

ලංවීමට පුනරුදය උදාවෙයි….! : 2025 ජුනි මාසයේ අලාබය බිලියන 13ක්

Editor O

Leave a Comment