දේශීය

උපන්දින සාදයකට තැබූ ගින්නකින් තරුණියක් මියයයි

නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

 

මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

 

ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින බව පොලීසිය පවසයි.

 

මීට අමතරව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

 

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට ලද 119 කෙටි පණිවිඩයක් හරහා පොලිසිය මෙම ස්ථානයට වාර්තා කර ඇත.

 

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපත්වා ඇති බව සඳහන්ය.

 

ගින්න හට ගන්නා අවස්ථාවේදී ඉහත නිවසේ උපන්දින සාදයක් පවත්වමින් තිබුණු බවට වාර්තා වෙයි.

 

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පුත්තලම – කොළඹ දුම්රිය මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

පාසල්වල පළමු වාරය ඇරඹේ | එක සහ හය ශ්‍රේණි ඇරඹීම පසුවට

Editor O

Leave a Comment