ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

(UTV | හම්බන්තොට) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වෙයි.

එහි සමාරම්භක උත්සවය පස්වරු 3.30 ට හම්බන්තොටදී පැවැත්වෙන අතර, තරගාවලිය දෙසැම්බර් මස 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

පළමු තරගය අද රාත්‍රී 7.30 ට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කින්ග්ස් හා කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ගෝල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියන්ස් , දඹුල්ල වයිකින්ග්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වෙයි.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව තරගාවලිය පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි.

දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් එක්වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ දෙසැම්බර් 16 වනදායි.

 

Related posts

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment