දේශීය

කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

(UTV | පුත්තලම) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 40 ක් වටිනා කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරක් මත පුත්තලම පොලිසිය ඊයේ සිදු කළ වැටලීමකදී පුත්තලම පැරණි මාර්ගයේ පිහිටි ලුණු කර්මාන්තශාලාවක සඟවා තිබූ මෙම කහ තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ 37 හැවිරිදි සැකකරුවෙක්.

 

 

 

 

 

Related posts

කොළඹ නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

Editor O

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරින් තුවාල ලැබූවන්ගේ වෛද්‍ය වාර්තා ලැබී නැහැ | පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

Editor O

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපති

Mohamed Dilsad

Leave a Comment