දේශීය

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපති

(UTV |කොළඹ) – බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5ට අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා ගෙන තිබේ.

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පසුගිය නොවැම්බර් 02 වනදා උදෑසන සිටය.

මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කිරීමට නියමිත බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

Related posts

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

බැංකු පොලීය මත අය කරන, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දමන බව ජනාධිපති කියයි.

Editor O

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්

Editor O

Leave a Comment