දේශීය

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

(UTV |කොළඹ) – සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් ගෙනගිය විරෝධතාව මේ වනවිට අවසන් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ රැඳවියන්ගේ දුක් ගැනවිලි ලිඛිතව භාර ගන්නා ලෙස විෂය භාර රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කළ දැනුම්දීමත් සමඟ ඔවුන් මෙලෙස විරෝධතාව අවසන් කළ බවයි.

ඊයේ පස්වරුවේ සිට වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් විසි දෙනෙකු පමණ වහළය මත නැග මෙම විරෝධතාවට ගෙන ගියේය.

Related posts

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

රංජන්ගෙන් පාර්ලිමේන්තුවට තවත් හඬ තැටි 5ක්

Mohamed Dilsad

Leave a Comment