Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

ආපදා සහන ලබා ගැනීමේ අයඳුම්පත් ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශ මත ග්‍රාම නිලධාරී අනුමැතියෙන් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් විය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මෙම ප්‍රජා ශක්ති කමිටුව සභාපති ලේකම් සහ ගමේ රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන බව ද ඔහු පෙන්වා දෙයි. ග්‍රාම සේවක තීරණ ගැනීමේ දී මෙම කමිටුවේ අවබෝධය සහිතව කරන්නේ නම් ගැටලුවක් ඇති නොවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

අතීතයේ ග්‍රාම නිලධාරීන් සිය රුචි අරුචිකම් අනුව ද දේශපාලකයන් සිය රුචි අරුචිකම් අනුව ද කටයුතු කර ඇතැයි ද ඇමතිවරයා චෝදනා කරයි. ග්‍රාම නිලධාරී මෙන්ම මහජන නියෝජියා වෙත ද ආධාර ලබා ගැනීමට ඉල්ලීම් ලැබෙන බව ද ඔහු පවසයි.

නිලධාරීන් පමණක් ගමේ වැඩ කරන්නේ නම් මහජන නියෝජිතයන් අවශ්‍ය නැති බවත් ඒ දෙක ඒකාබද්ධ කළ ගමේ යාන්ත්‍රණය ප්‍රජා ශක්ති කමිටුව බවත් ඇමති ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

ගම්වැසියන් සඳහන් කරන්නේ ප්‍රජා ශක්ති කමිටුව යනු පැලවත්ත පක්ෂ කාර්යාලයේ උපදෙස් මත ක්‍රියාත්මකවන පුද්ගලයන් පිරිසක් සිටින ස්ථානයක් බවයි.

Related posts

போட்டியில் இருந்து விலகிய ஷாகிப் அல் ஹசன்…

Mohamed Dilsad

Hindu festival stampede leaves 6 women dead

Mohamed Dilsad

S. B. Dissanayake and Dilan Perera join SLPP

Mohamed Dilsad

Leave a Comment