Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයට කුණු දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරී නිලධාරීන්ට 19වන කිලෝමීටර කණුව ආසන්නයේ දී, කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීමක් නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව එම නිලධාරීන් විසින් වහාම සීදූව අනුපාලක ස්ථානය දැනුම්වත් කර තිබේ.

එහිදී එම ස්ථානයේ රාජකාරී නිලධාරීන් විසින් මංමාවත් පනත යටතේ මාර්ගයට කුණුකසල බැහැර කිරිමේ චෝදනාව යටතේ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Donald Trump says second meeting with Kim Jong-un expected ‘pretty soon’

Mohamed Dilsad

Cyclone Idai hits Zimbabwe, at least 31 people dead

Mohamed Dilsad

Provincial Council Elections cannot be held under previous election system

Mohamed Dilsad

Leave a Comment