Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකසන්න

ආපදා කළමනාකරණ අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකස් කිරීමට ආණ්ඩුව කටයුතු කර යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ආපදාවකට අදාළ පියවර ගත යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂඥයන් සමග බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ව්‍යසන කළමනාකරණ සභාව සක්‍රිය කර ඊට අදාළ ව්‍යුහයන් නැවත ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කර යුතු බවත් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

‘දිට්වා’ සුළි කුණාටුව විසින් ජනිත ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම පක්ෂය පසුගියදා (08 වැනිදා) නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.

‘‘මෙච්චර කාලයක් රටේ තිබුණා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂට හමුදා පිස්සුව හැදිලා ඒ අමාත්‍යාංශය අහෝසි කළා. අද ආපදා කළමනාකරණයට අදාළ ආයතන තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ආපදාවක් කියන්නේ මිලිටරි ක්‍රියාන්විතයක් නොවෙයි. ආපදාවකදී අදාළ පියවර ගන්න ඕනෑ ඒ ක්ෂේත්‍රවලට අදාළ විශේෂඥයන් එක්ක. ඒ නිසා දැන්වත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ව්‍යසන කළමනාකරණ සභාව සක්‍රිය කරලා, ඊට අදාළ ව්‍යුහයන් නැවත ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. රාජ්‍ය අංශය දියකර හැරීමේ උත්සාහය දැන්වත් නවත්තලා ශක්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත වෙන්න ඕනෑ.

කඳුකර ප්‍රදේශ ඇතුළු ලංකාවේ සමස්ත භූගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කරමින් තිරසර සංවර්ධන පිළිවෙතකට අපි ගමන් කරන්න ඕනෑ. මධ්‍යම කඳුකරයේ අවිධිමත් සංවර්ධන කටයුතු නිසා ලංකාවෙම පරිසරයේ සමතුලිතතාව බිඳ වැටිලා තියෙන්නේ. ඒක යථා තත්ත්වයට ගන්න දීර්ඝකාලීන සැලසුමක්, වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ හදන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.

ආපදා අරමුදලක් හදලා ඒක කළමානාකරණය කරන්න ආණ්ඩුව බාරදීලා තියෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ ටිකකට. මෙච්චර කාලයක් රටේ පරිසරය, ජන ජීවිතය ගැන නොහිතා මේ ජාවාරම්කාරයෝ තමන්ගේ ලාභ ගැන විතරක් සැලකීම අද වෙද්දි ලංකාවට මේ වගේ විනාශයකට මුහුණ දෙන්න වුණු එක හේතුවක්. ඒ නිසා වහාම මේ කමිටුව අහෝසි කරලා ආපදා කළමනාකරණ අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකස් කරන්න.”

Related posts

Former Acting Crimes OIC of Mount Lavinia Police remanded

Mohamed Dilsad

Khawaja century sees Australia win ODI series against India

Mohamed Dilsad

உலக ஈமோஜி தினம் இன்று

Mohamed Dilsad

Leave a Comment