දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

Related posts

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන ඇරඹේ

Mohamed Dilsad

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor O

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment