දේශීය

රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු අතිරේක ලේකම්වරුන් ලෙස පත්කිරීමේ සූදානමක්

(UTV| කොළඹ) –  රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ 36 දෙනකු අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙන රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම් ධුරයට හිමි වැටුප් හා අනෙකුත් පහසුකම් හිමිවනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි වූ බැවින් රාජ්‍ය ඇමැතිවරුන්ට පවරා තිබූ බලතල හා කාර්යන් කැබිනට් ඇමැතිවරයාට පැවැරිණි.

පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මෙම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සේවය කැබිනට් අමාත්‍යාංශ කටයුතුවලට ලබාගත යුතු බැවින් ඔවුන් එලෙස අතිරේක ලේකම්වරුන් ලෙස පත් කෙරෙනු ඇත.

Related posts

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

Mohamed Dilsad

Leave a Comment