දේශීය

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය අසාදනයවී සුවය ලබා පැමිණි පුද්ගලයෙකුට යලිත් වරක් කොරෝනා වැළඳුනු බවට තහවුරු වීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඉකුත් මාර්තු මස 17 වෙනිදා පළමු වරට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මුල්ලේරියාව පිහිටි IDH රෝහලට අතුලත් කරනු ලැබුවේය.

ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි 67 වන වියේ පසුවන ඔහු මාසයක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා යලි නිවස වෙත යැවීමට රෝහල් බලධාරීන් පියවර ගත්තේය.

නිවසට පැමිණ දින 14ක ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී තිබෙන අතර එහිදී සිදුකළ PCR පරීක්ෂණයෙන් මෙම පුද්ගලයාට යලිත් වරක් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු විය.

ඒ අනුව එම රෝගියාව යලිත් වරක් IDH රෝහල වෙත මාරුකර යැවීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් පියවර ගත්තේය.

කොරෝනා ආසාධනයට ලක්වූ මෙම පුද්ගලයා වකුගඩු සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් යළි වෛරසයට ගොදුරුව ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

මේ වන විට එම රෝගියාගේ නිවසේ සිටින පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බව සඳහන්.

Related posts

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

චීන රජයෙන් පී.සී.ආර් කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් හෙට දිවයිනට

Mohamed Dilsad

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment