දේශීය

බන්ධනාගාර සිදුවීම් විමර්ශණයට කමිටුවක්

(UTV | කොළඹ) – පසුගිය දිනවල බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 03 දෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිත බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරයි.

මොණරාගල බන්ධනාගාරයේ රැදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායෑම සහ රැදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට මෙම කමිටුවට පැවරී තිබෙන අතර , එම කමිටුවේ වාර්ථාව සති 03 ක් ඇතුළත අමාත්‍යවරිය වෙත ලබාදීමට කටයුතු කළ යුතු වෙයි.

වැරදිකරුවන් සම්බන්ධයෙන් විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කිරීමට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී ඇත.

 

Related posts

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

Mohamed Dilsad

නිකරුනේ කොළඹ ගැවසීම තවමත් අවධානම් – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු

Mohamed Dilsad

Leave a Comment