දේශීය

බන්ධනාගාර සිදුවීම් විමර්ශණයට කමිටුවක්

(UTV | කොළඹ) – පසුගිය දිනවල බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 03 දෙනෙකුට නොඅඩු කමිටුවක් පත්කිරීමට නියමිත බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරයි.

මොණරාගල බන්ධනාගාරයේ රැදවියෙකු මියයෑම, මාතර බන්ධනාගාරයේ රැදවියෙකුට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පලායෑම සහ රැදවියෙකු මියයෑම, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ රැදවියන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට මෙම කමිටුවට පැවරී තිබෙන අතර , එම කමිටුවේ වාර්ථාව සති 03 ක් ඇතුළත අමාත්‍යවරිය වෙත ලබාදීමට කටයුතු කළ යුතු වෙයි.

වැරදිකරුවන් සම්බන්ධයෙන් විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කිරීමට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී ඇත.

 

Related posts

කොරෝනා පිලිබඳ අසත්‍ය ප්‍රචාර පළ කෙරු 9 ක් රිමාන්ඩ්

Mohamed Dilsad

තවත් 369ක් සුවය ලබයි

Mohamed Dilsad

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා කථානායකට

Mohamed Dilsad

Leave a Comment