දේශීය

ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මීට අමතරව, දුරස්ථභාවය තබා නොගැනිම හා මුව ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම චෝදනාවට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන් ගණන 312 ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

මෙරට සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් – අයෙක් මරුට තිදෙනෙක්ට තුවාල

Mohamed Dilsad

Leave a Comment