Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය ඇරඹේ

පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයින් පත්කරගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම අද (06) උදෑසන 07.00 ට ආරම්භ කෙරිණ, අද පස්වරු 04.00 දක්වා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමෙන් මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා නියෝජිතයන් 8,287ක් තෝරා පත්කර ගැනීමට නියමිත ය.

මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධින කණ්ඩායම් 257කින් අපේක්ෂකයෝ 75,589ක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783ක් පිහිටුවීමට කටයුතු කර ඇත.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරයි.

Editor O

இஸ்ரேலின் தலைநகராக ஜெருசலேத்தை அறிவித்தார் டிரம்ப்

Mohamed Dilsad

“Passport shortage to be ended within 2-months” – Emigration and Immigration Controller General

Mohamed Dilsad

Leave a Comment