දේශීය

මෙරට කොරෝනා මරණ ගැන පැහැදිලි කිරීමක්

(UTV |කොළඹ) – මෙරට කොරෝනා රෝගීන් 10,000 කින් 28 දෙනෙකු මියයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරටදී මරණයට පත්වන බහුතරය වැඩිහිටි වයසේ පසුවන නිධන්ගත රෝගවලින් පසුවන අය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි.

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වී මේ වන විට දින 40 කට ආසන්න කාලයක් ගතව තිබේ.

මෙම කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 30 කි.

ඊයේ දිනයේද කොරෝනා මරණ 5ක් වාර්තා වුණි.

පසුගිය දිනවල සිදුවූ මෙම කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව සතියක් තුළ ලැබීමට නියමිත බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Related posts

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

මැතිවරණ පැමිණිලිවල අලුත්ම තත්ත්වය

Editor O

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment