දේශීය

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

‍පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරති.

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ, විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි.

 

එම නිසා ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

 

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

 

Related posts

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට දීමෙන් රජයට මාස 04ට කෝටි 21ක ඉතිරියක්

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment