Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

සතොස ශාකා මගින්, පොල් ගෙඩියක් රුපියල් 130 ට කරන බවත්, සහල් තොග අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, කොළඹ අවට ඇති සතොස ශාඛාවලින් අද දින සිටත් කොළඹින් බැහැර ප්‍රදේශවල සතොස ශාඛාවලින් හෙට (06) දින සිටත් පොල් සහ සහල් මිලදී ගත හැකිය. “දැනට කොළඹ අවට සතොස ශාඛාවලට පොල් තොග පිටත් කර තිබෙනවා.. හවස්වනවිට කොළඹ තියෙන ශාකාවලට සහල් තොග ලබාදෙනවා. ඒ අනුව හෙට (06) සිට සහන මිලට සහල් සහ පොල් සීමාවකට යටත්ව පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවද සතොස සභාපතිවරයා කීවේය.

Related posts

Showery and windy condition expected to be enhanced

Mohamed Dilsad

President calls on world leaders to emulate Nelson Mandela

Mohamed Dilsad

More jail time for South Korea ex-President Park Geun-hye

Mohamed Dilsad

Leave a Comment