විදෙස්

විරුධවාදීන් සතුරන්සේ සැළකීම නැවැත්විය යුතුයි – නව ඇමෙරිකා ජනාධිපති

(UTV |ඇමෙරිකාව) – විරුද්ධවාදීන් සතුරන් සේ සැළකීම නතර කළ යුතු බව ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ එරට 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු පළමු වරට ඊයේ(07) ජාතිය අමතමිනි.

ඇමරිකානු නව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ අනවශ්‍ය සංවාද ඉවත දමා එකිනෙකාට ඇහුම්කන්දීමට කාලය එළඹ ඇති බවයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම තේරුම් ගත හැකි බවද ජෝ බයිඞ්න් වැඩිදුරටත් පවසයි.

මේ අතර ජනපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදියා ජයග්‍රහණය කරන අවස්ථාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

Editor O

හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට ඇතුලු වෙයි

Mohamed Dilsad

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

Leave a Comment