දේශීය

අදත් සුළං සමඟ වැසි

(UTV |කොළඹ) – අද(06) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි.100 ඉක්ම වූ තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය කරයි.

එමෙන්ම නැගෙනහිර සහ උතුරු පළාත්වල,වෙරළබඩ ප්‍රදේශවල අද පෙරවරුවේ වැසි ඇති විය හැක.

මේ අතර ගිගුරුම් සහිත වැසිත් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

ආගමන විගමන නිලධාරීන් 450 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment