දේශීය

තොරතුරු සැඟවුව හොත් ඉදිරියේදී වැඩ වරදී

(UTV |කොළඹ) – රටේ පවතින තත්ත්වය හමුවේ නිරෝධායන නියෝගයන්ට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමය නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කරමින් එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ස්ථාන වල ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත්වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

බස්නාහිර සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපති

Editor O

Leave a Comment