දේශීය

බස්නාහිර සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.

ඊයේ (22) පෙරවරු 6 සිට අද (23) පෙරවරු 5 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇති අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 114 ක් සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 108 ක් ඇතුළත් වෙයි.

Related posts

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

Editor O

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

Mohamed Dilsad

මහින්දානන්දගෙන් රන්ජන්ට අභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment