දේශීය

ආරක්ෂක අමාත්‍යංශය යටතට තවත් ආයතන කීපයක්

(UTV| කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පැවති ආයතන 6ක විෂය පථයන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, මිලෝදා ආයතනය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය හා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය එලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතට එකතු කර ඇති ආයතන අතරට අයත් වෙයි.

මීට අමතරව අපි වෙනුවෙන් අපි අරමුදල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනය ද මෙලෙස ආරක්ෂක අමාත්‍යාංශය වෙත එක් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේසූරිය

Editor O

සිර දඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

Editor O

Leave a Comment