Trending Newsඑසැන පුවත්දේශීය

සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් පක්ෂය නැගෙනහිර පළාතට තනිව තරඟ කරන තීරණයක

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් “තමිල් මක්කල් විඩුදල පුලිහල්” පක්ෂය මෙවර මහ මැතිවරණයට තනියම තරඟ කිරීමට තීරණය කර ඇතැයි සඳහන්.

ඒ අනුව, බෝට්ටුව ලකුණ යටතේ තම පක්ෂය නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවලට තරඟ කිරීමට ඉදිරි දිනවල නාමයෝජනා භාර දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පී. ප්‍රසාන්තන් මහතා ප්‍රකාශ කළේය.

පොදු සන්ධානයක් ලෙස තම පක්ෂය බෝට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට නැගෙනහිර පළාතේ සෙසු පක්ෂ වලට ආරාධනා කර ඇති බවත් අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමටද තම පක්ෂය සූදානම් බව මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

Related posts

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැ. කොමිසමේන් සහතිකයක්

Mohamed Dilsad

“All culprits linked to Easter Sunday bombings arrested or dead” – Acting IGP

Mohamed Dilsad

Leave a Comment