දේශීය

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  ලබන සඳුදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් වත්තල, කැළණිය හා බියගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර , කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැදල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල හා බතලහේන වත්ත ආදී ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සි.බී රත්නායක

Mohamed Dilsad

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්

Mohamed Dilsad

Leave a Comment