ගොසිප්

වෛද්‍ය මොහොමඩ් සාෆි යළිත් සේවයට ?

(UTV | කුරුණෑගල) –  ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කුරුණෑගල මහ රෝහලේ සේවය කළ මොහොමඩ් සාෆිට එරෙහිව පාර්ශව රැසකින් එල්ල වූ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා හේතුවෙන් මොහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර නමුත් මේ වනවිට සැකකරුවකු ලෙස පමණක් ඔහුව නම්කර ඇත.

ඒ අනුව , සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමටයි.

Related posts

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ – ඇමති බන්දුල

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

Leave a Comment