ගොසිප්

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙන්නයි යන්නේ – ඇමති බන්දුල

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ගමන් කරමින් ඇත්තේ බංකොලොත් රාජ්‍යයක් වෙත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

2029 වසර අනතුරු කිසිවෙකුට ඔළුව උස්සන්න හැකියාවක් නැති බවත් ඔහු පවසයි.

පෞද්ගලික නාලිකාවක සමඟ පැවති සාකච්ඡාවකදී එහි මාධ්‍යවේදියා සහ අමාත්‍යවරයා අතර සිදු වූ සංවාදය මෙසේය.

මාධ්‍යවේදියා – මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව CAA1 ඉඳන් CAA2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම් පහළ ගිහින් තියෙනවා. තව දෙකක් පල්ලෙහාට ගියොත් default. ඒ කියන්නේ බංකොලොත්. අපි මේ යමින් ඉන්නේ බංකොලොත් රාජ්‍යයක් වෙන තැනකටද ?

ඇමතිවරයා – බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. 2029 වෙනකන් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. අලුත් මුදල් ප්‍රවාහයක් ඇති කරගත්තේ නැත්නම්. නැත්නම් මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ.

Related posts

ඇය රටට ආඩම්බරයක් ගෙන්න සුදානම්

Mohamed Dilsad

‘ද නිව්ස් පේපර්’ නරඹන්න ගිය ජනපති හා අගමැති [PHOTOS]

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

Leave a Comment