ගොසිප්

ඇය රටට ආඩම්බරයක් ගෙන්න සුදානම්

(UTV |ස්වීඩනය) – මෙවර ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික තරුණියක් සුදානම් වේ.

ඒ මැතිල්ඩා කාර්ල්සන්ය.

ඇය මෙවර ඔලිම්පික් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක අශ්වාරෝහක ධාවන අංශය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ උපන් ඇය රටින් පිටමං කරන්නේ මාස 03ක් වන විටයි.

ඒ ඇය ස්වීඩන් ජාතික යුවලක් විසින් දරුකමට හදා වඩා ගැනීමට භාර ගැනීමත් සමඟය.

ජර්මනියේ ජිවත් වෙන ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා තරග වදින්නේ ශ්‍රී ලංකා ධජය යටතේ වීම විශේෂත්වයකි.

ඇය ජර්මනියේ, ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් වල නමක් දිනා ඇති අශ්වාරෝහක ධාවනියක් ද වේ.

Related posts

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

කාන්තා දිනයට වදන් තැබූ මනූෂට හිටපු බිරිඳගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සටන් කරන කංසා

Mohamed Dilsad

Leave a Comment