Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රභූ ආරක්ෂක සේවයේ සිටි නිලධාරීන් 1,145 දෙනෙක්, පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරුකරමින් වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්.

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබූ නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කිරීමේ ස්ථාන මාරු නියෝග වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතී සංග්‍රහය යටතේ අදාළ ස්ථාන මාරූවීම් ලබාදී ඇතැයි සඳහන්.

ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන්, පොලිස් පරීක්‍ෂකවරුන්, උප පොලිස් පරීක්‍ෂකවරුන්, සැරයන්වරුන්, කොස්තාපල්වරුන්, මෙන්ම මෙම නිලයන් වල කාන්තා නිලධාරීන්ද සිටිති.

ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශණ දීමනා සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

Related posts

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ආසාදිතයන් 5 ක් පැන යයි

Mohamed Dilsad

චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි

Mohamed Dilsad

Price of imported milk powder increased

Mohamed Dilsad

Leave a Comment