දේශීය

චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව මෙරට චීන තානාපති පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය.

 

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්,

 

“අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධක තිබිය හැකියි. එහෙත් මම හිතනවා ඒවායින් අපේ මිත්‍රත්වය පළුදු නොවනු ඇතැයි කියා. චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ්‍රී ලංකාවට අත දීමට සූදානම්. චීන රජය මෙන්න ප්‍රාදේශීය රජයන් සහ සමාගම් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම ගැන සොයා බැලීමට පැමිණෙන්න සූදානමින් සිටිනවා.”

 

“චීන ශ්‍රී ලංකා ඝෘජු ගුවන් ගමන්ද මේ වසරේ අප්‍රේල්, මැයි වනවිට දෙගුණයකින් ඉහළ යාවි.”

 

මේ අතර චීනයෙන් පරිත්‍යාග කෙරුණු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද සිදුකෙරුණි.

 

ඒ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය ඖෂධ තොගයක් එලෙස පිරිනැමුණු අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 04 කි.

 

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන අප්‍රේල් පළමු සතියේ සිට චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතියකට තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

 

ඒ, චීනය කොවිඩ් වසංගතයෙන් පසු යළි සිය දේශසීමා විවෘත කිරීමත් සමඟය.

Related posts

කොරියාවට යන ගුවන්යානා පමාවීම ගැන තීරණයක්

Mohamed Dilsad

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ අවසන් වාර්තාව බාරදෙයි

Mohamed Dilsad

Leave a Comment