දේශීය

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ ගේ උපදෙස් අනුවයි.

මීට අමතරව , නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  නියෝග කර ඇත.

මේ අතර දකුණු පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කර ඇත.

Related posts

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මහ මැතිවරණය සඳහා කොමිසමට අවසන් මාර්ගෝපදේශ නිකුත් කර නැත

Mohamed Dilsad

ආපදා අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකසන්න

Editor O

Leave a Comment