දේශීය

කරවල මිල අඩුවෙයි

(UTV | කොළඹ) – කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පැවසුවේ, පසුගිය මාස හය තුළ කරවල මිල 35% සිට 40% දක්වා ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි.

දේශීය මෙන්ම විදේශීය කරවල තොග සඳහා කෙතරම් පහතවැටීමක් සිදු වී ඇතිද යන්න පිළිබඳව ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් සදහන් කළේ,

“පහුගිය කාලේ එක්ක බලද්දි කරවල මිලේ වෙනසක් වෙලා තියෙනවා. 30% – 35%ක අඩුවීමක් තියෙනවා කරවල, මාළු. ඒකට හේතුව තමයි දේශීය දේවල් එනවා. ඒ එක්කම පාරිභෝගිකයාට අමාරුකම් තියෙනවා. ඉස්සර කිලෝ එකක් ගත්ත අය දැන් අඩුවෙන් ගන්නේ. කට්ටා කරවල රු 2,200ටත් රු 2,100ටත් ගියා. දැන් රු 1,600ටත් රු 1,700ත් අතර. බල කරවල රු 1,300 – රු 1,200ට තිබුණා දැන් තොග ගාන රු 800ක් වෙනවා.”

Related posts

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

බස් රථ සීමා වෙයි – අද සිට අමතර දුම්රිය 5 ක්

Mohamed Dilsad

රනිල් සහ අකිල ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට එයි

Mohamed Dilsad

Leave a Comment